විදේශ ගමන් බලපත්‍ර ලබා දීමේ ප්‍රමාදයට විසඳුම් ලෙස ආගමන හා විගමන දෙපාර්තුමේන්තු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය පැය 24 පුරා විවෘත කිරීමට තීරණය කර තිබේ.
මේ අනුව රජයේ රාජකාරි දිනයන්හි පැය 24 පුරා ආගමන හා විගමන දෙපාර්තුමේන්තු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මහජනතාව වෙනුවෙන් සේවා සම්පාදනය සඳහා විවෘතව පවතී.
ඊට අනුශාංගිකව සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ හා සේවා සපයන නිලධාරීන්ගේ ආරක්ෂාව, ප්‍රවාහනය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් වෙනුවෙන්ද අවශ්‍ය කටයුතු කර තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ සියලු අංශ නිරීක්ෂණය කරමින් සේවා සපයන නිලධාරීන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට අවශ්‍ය උපදෙස් ලබා දි තිබේ
නව ක්‍රම වේදයට අනුව ඉදිරියේදී විදෙස් ගමන් බලපත්‍ර හිඟයකින් තොරව නිකුත් කිරීමේ හැකියාව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින නිසා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන අයදුම්කරුවන් විසින් රැගෙන ආ යුතු ලෙසට දක්වා ඇති සියලු ලේඛන සියල්ල නිසි පිළිවෙලට රැගෙන එන ලෙසත් එම අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේදී ඉදිරිපත් කළ යුතු ලේඛනයන්හි යම් දෝෂ සහගත තත්ත්වයක් හෝ අපැහැදිලිතාවක් නිරීක්ෂණය වන්නේ නම් එවැනි අයදුම්කරුවන් එම ලේඛන ලබාගත හැකි අනෙකුත් ආයතන විවෘතව පවතින දිවා කාලයන්හිදී එම සේවා ලබාගෙන විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට ආගමන හා විගමන දෙපාර්තුමේන්තු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.