ප්‍රසිද්ධ නොකළ පාස්කු වාර්තාවක චූදිතයෙකු බවට පත් කර ඇති මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැසීය.
පාස්කු වාර්තා දෙකක් අද(21දා) ප්‍රසිද්ධියට පත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“මම අද කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පත් කරලා මැතිවරණයට කිට්ටුව වාර්තාව සකසලා ජනාධිපතිතුමාට භාර දුන්න , මෙතෙක් ප්‍රසිද්ධ නොකල ජනාධිපතිතුමා සිතා මතා ප්‍රසිද්ධ කිරීම පැකිලෙන කමිටු වාර්තා දෙක ගැනයි. ”
“මේ පසුබිම යටතේ අපරාධයට ජනාධිපතිතුමන් විසින් අපරාධයට නඩු පැවරිය යුතු බවට කමිටුව නිර්දේශ කර තිබෙන, චූදිතයෙක් බවට පත්ව තිබෙන මහජන ආරක්ෂක ලේකම් රවී සෙනවිරත්න මහතා වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතුයි. ”