පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි තමන් දන්නා බවත් අධිකරණය නියෝගයක් කරන්නේ නම් තමන් රහසිගත ප්‍රකාශයක් විනිසුරුවරුන් හමුවේ කිරීමට සූදානම් යැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් අද (22) දින එක්වෙමින් මාධ්‍ය වේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
"මම අවුරුදු පහකට මාස එක හමාරකට අඩු කාලයක් ආණ්ඩු කළේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතිව. 19 වැනි සංශෝධනයෙන් මගේ බලතල නැතිව ගියා. මම කැමැත්තෙන් තමයි ඒවා දුන්නේ. නමුත් මම හිතුවේ නෑ ඒවා වැරදි විදිහට බලය ගන්න අය භාවිත කරයි කියලා. ඒක නිසා ආණ්ඩුව හා විපක්ෂය දෙකම එකතු වෙලා මට පහරදෙන්න පටන් ගත්තා.
පස්සේ පාස්කු ප්‍රහාරය ආවා. පාස්කු ප්‍රහාරයත් අපි දන්නවා කොහෙන්ද සිදු වුණේ කියලා. ඔය නඩු අහන ඒවායේ අලල්ලා තියෙන ත්‍රස්තවාදියෝ හරි. මම අල්ලපු අය තමයි ඔය නඩු අහන්නෙත් විනිසුරු මඩුල්ලක් මගින්. අනිත් පැත්තෙන් මේ පාස්කු ප්‍රහාරය කවුද කළේ කියලා කවුරුවත් කියලා නෑ.
හැබැයි ඒක මම දන්නවා කවුද කළේ කියලා. අධිකරණය යම් කිසි ඉල්ලීමක් කළොත් නැත්නම් නියෝගයක් කළොත් ඇවිල්ලා මේ ගැන ප්‍රකාශයක් කරන්න. මම දන්නවා මේ පාස්කු ප්‍රහාරය කවුද කළේ කියලා. අනිත කාරණය තමයි ප්‍රධාන වශයෙන්ම එය රහසිගතව තබා ගැනීම විනිසුරුවරුන්ගෙත් වගකීමක් වෙනවා"