2019 වසරේ අප්‍රේල් මස 21වන දින පාස්කු ඉරුදින මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරෙයි.
අන්තවාදී කල්ලියක් විසින් කොළඹ, මීගමුව සහ මඩකළපුවේ කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු පන්තියේ හෝටල් කීපයක යන ස්ථාන 08ක දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුකළ අතර එහිදී පුද්ගලයින් 273 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර තවත් 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබීය.
මෙම මිලේච්ඡ ප්‍රහාරයට වසර පහක් ගත වීම නිමිත්තෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ හා කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිහිකිරීම් වැඩසටහන් මාලාව සංවිධානය කර පැවති අතර විශේෂ දිව්‍ය පුජාවක් ද පැවැත්වුණි.
ඒ අනුව, කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා යැදුම් පාගමන ඊයේ 20 මධ්‍යම රාත්‍රිය පුරා පැවැත්වුණි.