පාසල් ශිෂ්‍යාවන් 26 දෙනෙකු හා දෙමාපියන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද(09)දින අලුයම වරකාපොල නගරයේ ඇති අනාරක්ෂිත ඇලකට පෙරළීමෙන් පාසල් ශිෂ්‍යාවන් ඇතුළුව 13 දෙනෙකු තුවාල ලබා වරකාපොළ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව වරකාපොල පොලිසිය පවසයි .
මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයේ බාල දක්ෂිකාවන් 26 දෙනෙකු හා දෙමාපියන් 11දෙනෙකු අලුයම 03.15ට පමණ පාසලෙන් පිටත්වී රන්ටැඹේ බාල දක්ෂ පුහුණු කඳවුර බලා පිටත්ව යමින් සිටියදී අලුයම 5.45ට පමණ වරකාපොල තැපැල් කන්තෝරුව ඉදිරිපිට වංගුවත් සමග ඇති අනාරක්ෂිත ඇළට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබිණ .
මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් ශිෂ්‍යාවන් ඇතුළුව දහතුන් දෙනකු තුවාල ලබා ඇති බවත් ඔවුන්ගෙන් ශිෂ්‍යාවන් දෙදෙනෙකුගේ හැර අන් අයගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන වරකාපොල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වරකාපොළ පොලිසියේ පොලිස් සැරයන් (34590) වික්‍රමරත්න ,පොලිස් සැරයන් (49871) සමන් යන නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
වරකාපොල රංගන රුවන්