සිංහල බෙහෙත් අලෙව්සලක තිබු රුපියල් හාරලක්ෂ අසු දහසක් පමණ වටිනා මත්ගුලි පැකට් දෙදහස් හාරසීයක් සමග අගලවත්ත නගරයේ සිංහල ආආයුර්වේද ඖෂධ හලක් පවත්වාගෙන යනු ලබන (55) හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය සඳහන් කරයි.
යුත්තිය මෙහෙවුමේ පවුර සංකල්පයට අනුව මීට පෙරදී අගලවත්ත නගරයේ සියලුම ආයුර්වේද ඖෂධ ශාලා හිමියන් අගලවත්ත පොලිසිය වෙත කැඳවා මෙවැනි මත්ගුලි වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පාසල් දරුවන් ඇතුළු කිසිදු පුද්ගලයෙකුට අළෙවි නොකරන ලෙස පෞද්ගලිකවම අවවාද කර තිබේ.