පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු නිවසකට පැහැරගෙන ගොස් නිරුවත් කර සොරකමක් සම්බන්ධයෙන් කැලෑ නීතියෙන් මට්ටු කිරීමට ගිය දහසය හැවිරිදි පාසල් සිසුවෙක් ඇතුලු තිදෙනෙක් ඊයේ (4) අම්බලන්ගොඩ මාදම්පේ වැල්ලබඩදී සැකපිට අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සැකකාර දහසය හැවිරිදි පාසල් සිසුවා මෙන්ම විසිහය හැවිරිදි හා තිස්හතර හැවිරිදි අනෙක් සැකකරුවන් දෙදෙනාම අම්බලන්ගොඩ මාදම්පේ වැල්ලබඩ පදිංචි අය බවද පොලීසිය කියයි.
පහළොස් හැවිරිදි පාසල් සිසුවා පාසල් නිමවී නිවසට පැමිණ එදින පස්වරුවේ බීම පැකැට්ටුවක් මිලදී ගැනීමට සිය නිවස ආසන්නයේ වෙළදැලට ගොස් සිටියදී සැකකාර දහසය හැවිරිදි පාසල් සිසුවා උපයෝගී කොට ගෙන වින්දිත සිසුවා ඒ ආසන්නයේ නිවසකට පැහැරගෙන ගොස් සිසුවාගේ සියලුම ඇදුම් ගලවා ජංගම දුරකතනයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ප්රශ්න කොට ඇති බවත් එයින් නොසෑහුණු සැකකරුවන් පහළොස් හැවිරිදි සිසුවා නිරුවස්තරයෙන්ම සිය නිවසට එවා ඇති බවත් අනාවරණයවූ බව ද පොලීසිය කියයි.
සිය දරුවා පැහැරගෙන ගොස් ඔහුගේ ඇදුම් ගලවා නිවසට එවූ බව සිසුවාගේ පියාට සැලවී පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් හදුනාගෙන අත්අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ ළමා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා මහේෂිකා,උප පොලිස් පරීක්ෂිකා රේණුකා ,පොලිස් සැරයන් කේ.ඩබ්ලිව්.සිරිලාල්(16915)යන නිලධාරීහු මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වති.