කන්තලේ මූලස්ථාන පොලිස් වසමට අයත් රජඇල ප්‍රදේශයේදී ඊයේ (21) සිදු වෑන් රථ අනතුරකින් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වූ අතර අනතුර සිදුවීමෙන් පසු පළා ගිය වෑන් රථ රියදුරා සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කන්තලේ පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ කන්තලේ රජඇල යුනිට් හතර පදිංචි ජේ.එම්.ජි. හසිනි ප්රබෝදනී ජයසිංහ නැමති කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුවියකි.
ෙසිසුවිය සිය ඥාති නිවසක සිට සිය නිවසට පයින් යද්දී පිටුපසින් පැමිණි වෑන් රථය ගසක හැපී අනතුරුව සිසුවියගේ ගැටි ඇතැයි පොලිසිය කියයි. අනතුරෙන් පසුව පලා ගිය සැකකරු පැදවන ලද වෑන් රථය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඩබ්.එල්.වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සසංක සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන (9615) ප්‍රසන්න (58567) සෙනෙවිරත්න හා කොස්තාපල් (77186) දොඩන්වල යන මහත්තුරු විසින් අත්අඩංගුවට ගැනු ලැබූහ.
සැකකරුට පලා යෑමට උදව් කර සැකකරුගේ වැඩිමහල් සහෝදරයා හා ඒ සඳහා භාවිතා කළ මෝටර් රථයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
ත්‍රිකුණාමලය චමෝද්‍යා