මාරවිල නාත්තන්ඩිය ප්‍රදේශයේ ජාතික පාසලක පාසල් ශිෂ්‍යාවක කොවිඩ් 19 වෛරසය අසාදනය වීමෙන් අද (30 දා) අලුයම මරණයට පත්ව ඇතිබව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ හනාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවකි. උණ අසනීප තත්වයක් හේතුවෙන් මාරවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම ශිෂ්‍යාව මරණයට පත්ව ඇත.
මෘතශරීරය සම්බන්ධයෙන් සිදුකළ පී.සී. ආර්. පරීක්ෂණයකදී මෙම දරුවාට කොවිඩ් වෛරසය අසාදනය වීඇති
බව තහවුරු වි තිබේ.
ශිෂ්‍යාවගේ පියාද එම පාසලේම ගුරුවරයෙකු බව සෞඛ්‍ය බළදාරීන් පවසයි. මෙම සිදුවීමෙන් අනතුරුව එම පංතියේ සියලුම සිසුන් පාසලට ඒම වැලැක්වීමට පියවර ගන්නා බවත් එම දරුවන් සම්බන්ධයෙන් කඩිනමින් පී. සි. ආර්. පරීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය බළධාරීන් පවසයි.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න