2025 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් ඊයේ (23දා) දිනයේදී ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම ලබන වර්ෂයට අදාළ පාසල් නිලඇඳුම් සියල්ල චීන රජය විසින් සැපයීමට එකඟතාව පළකර ඇති බවද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ගුරු වැටුප් වර්ධක ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරන බවත්ගුරු වෘත්තීය ගැටලු සමාලෝචනය කර ඒවා නිරාකරණය කිරීමටද රජය මේ වන විට පියවර ගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. දුෂ්කරතා හමුවේ වුවත් ගුරුපත්වීම් 16,000ක් ලබා දී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.