අභාවප්‍රාප්ත වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන පාලිත තේවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු ලබන සිකුරාදා සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
විදුලිය සැර වැදීමකින් මියගිය ඒ මහතාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කලුතර ශික්ෂණ රෝහලේ තබා තිබේ.
මිය යන විට 64 වැනි වියේ පසුවූ තේවරප්පෙරුම මහතා මෙරට දේශපාලනයේ පෙරළිකාර චරිතයක් වන අතර ඔහු සමාජ සේවකයෙක් ලෙසද ප්රකටය.
ඔහු සිය සුසානය මිය යාමට පෙර සිටම සූදානම් කර තිබීම කා අතරත් කථා බහට ලක්වූ මාතෘකාවක් විය.