ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය වසර දෙකකින් කල් දාන්න පුළුවන් නම් හොඳ බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසුවා, කල්දාන එක ජනතාවට කෙසේ වෙතත් ඒ අයට නම් හොඳ යයි ජාතික ජනබලවේගයේ විධායක සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.
ජාතික ජනබලවේගයේ කුණ්ඩසාලේ ආසනය මගින් සංවිධානය කළ වාහන ස්ටිකර් ඇලවීමේ ප්රචාරක වැඩසටහනක් පල්ලේකැලේ ගම් උදාව ඔරුලෝසු කණුව ඉදිරි පිටදී පැවැති අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේය.
"එය ඉටු කරනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍යය යි. ඒ වගේම ජනමත විචාරණයක් ඕන. මේ මුට්ටිය දැමිල්ලක් කරලා තියෙන්නේ. ඒ වගේම ඒකෙන් කියවෙනවා ජනපතිවරණයට මහමැතිවරණයට ඉදිරිපත් වෙලා ඔවුන් ට දිනන්න බැහැ කියන එක. ඒ අඳෝනාව තමයි රංගේ බණ්ඩාර කටින් එලියට ආවේ. මේ ප්‍රකාශය අපි දකින්නේ රනිල් රාජපක්ෂ හවුල පරාජය බාර ගැනීමක් ලෙසයි."