වත්මන් පාලකයන් ඡන්දය නොතැබීමට කටයුතු කළහොත් ඊට ඉඩ නොදෙන ලෙස මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් සමගි වනිතා බලවේගයේ සාමාජිකාවන් මල්වතු මහ නා හිමියන් බැහැදුටු අවස්ථාවේදී පැවසූහ .
එහිදී මහනාහිමියන් වැඩිදුරටත් පවසා සිටියේ සෑම දේශපාලන පක්ෂයකම කාන්තාවන් දේශපාලනික වශයෙන් ක්‍රියාශීලව සිටීම සතුටට කරුණක් බවයි .
සමගි වනිතා බලවේගයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ සමගි ජන බලවේගයේ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ උපලේකම් චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය ඇතුළු පිරිසක් මල්වතු මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේදී මහනාහිමියන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ජනතාව අතර ඡන්දයකට මේවන විට වැඩි උනන්දුවක් තිබෙන බවය .
එදා එක්සත් ජාතික පක්ෂයට මහනුවර තිබූ බලය දැන් නැතිවී තිබෙන බවක් පෙනෙන්නට තිබෙන බව අවධාරණය කළ මහ නා හිමියන් මේ අවස්ථාවේදී සියලු දෙනා අමාරුවෙන් සිටින අවස්ථාවක් බවද අවධාරණයක් කළේය .
රටේ ආර්ථිකය වැටී තිබෙන අවස්ථාවක අප සියලු දෙනා එකම ආකාරයෙන් සිටිය යුතු බවත් එක් අයෙක් එක් විදිහකටත් තවත් අයෙක් තවත් විදියකටත් සිටීම සඳහා මාසික වැටුප වෙනස් කර ගැනීම අනුමත නොකළ හැකි බවද පැවසීය .
එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කර සිටියේ මේ මස 24 වැනිදා මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගනයේදී සමගි වනිතා බලවේගයේ මහනුවර දිස්ත්‍රික්ක් කාන්තා වැඩමළුව කාන්තාවන් 10,000 කගේ සහභාගිත්වයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන බවයි .
වත්මන් පාලකයන් චන්දයක් තියයිද එසේත් නොමැති නම් නොතියයිද යන්න නොදන්නා බව පැවසූ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපතිවරණයක්ද, පාර්ලිමේන්තු මැතිවරණයක්ද ජන මත විචාරණයක් ද යන්න කුමක් වුවත් සමගි ජන බලවේගය ඊට සූදානම් බව මල්වතු මහා නා හිමියන් හමුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කළේය .