පාර්ලිමේන්තුව අද (17දා) පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබේ.ඒ අනුව අද දිනයේදී නව කථානායකවරයෙකු පත් කර ගැනීමට නියමිතව ඇත.
මෙහිදී ආණ්ඩු පක්ෂයෙන් කථානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා කිරීමට තීරණය කර තිබේ.
මේ අතර විපක්ෂයෙන් කථානායක ධුරය සඳහා නමක් ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ විපක්ෂයේ සෙසු පක්ෂ සමග අද (17දා) පෙරවරුවේ සාකච්ඡා කර තීරණයක් ගැනීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(16දා) රැස්වී වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ‘අද’ පුවත්පතට පැවසීය.
කථානායකවරයෙකු පත් කර ගැනීමේදී නාම යෝජන එකකට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වුවහොත් ඒ සඳහා ඡන්ද විමසීමක් සිදු කරනු ලැබේ.
ඒ අනුව අද දිනයේදී නාම යෝජනා එකකට වැඩි සංඛ්‍යාවක් ලැබුණහොත් අදාළ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහනදීර මහත්මිය පැවසීය.
10 වැනි පාර්ලිමේන්තුව ආරම්භයේදී පත් කර ගනු ලැබූ කථානායක අසෝක රංවල මහතා පසුගියදා සිය ධුරයෙක් ඉල්ලා අස්වූ අතර, ඒ අනුව මෙලෙස නව කථානායකවරයෙකු පත් කර ගැනීමට නියමිතව ඇත.