පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් සිදුව ඇති අතර පසුව ඒ සඳහා සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරාද මැදිහත්ව තිබේ.
මේ අතර අදාළ ගැටුම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට කමිටුවක් පත්කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කර තිබේ.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවෙහි චමල් රාජපක්ෂ ,රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක , ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරු සාමාජිකයෝ වෙති.