පාන් ගෙඩියක නියමිත බර නොමැතිනම් හා මිල ප්‍රදර්ශණය නොකරන වෙළද සල් ( 05) වන සදදා දින සිට වටලමින් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. නලීන් ප්‍රනාන්දු මහතා එලෙස පැවසුවේ ජාඇල දඩුගම ඒ මහතාගේ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය වරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ වසර 60-70ක් පැරණි පාන් සම්බන්ධව පනතේ තිබු අඩුපාඩුකම් හා ගැටළු විසදා ගැනීමෙන් පසු පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගැසට්ටුව නිකුත් කළ බවයි.
ඒ අනුව පාන් ගෙඩියක බර ග්‍රෑම් 450 ක් විය යුතුය පාන් භාගයක බර ග්‍රෑම් 225ක් විය යුතුය. එලෙසම පාන් වල මිල ප්‍රදර්ශණය කිරීමද අනිවාර්ය වේ. පාන් වලට වටිනාකම් එකතු කරමින් සැන්විච් හා වෙනත් නම් යොදාගෙන අලවි කලද නියමිත පාන් රාත්තල කුමක්ද යන්න පාරිභෝගිකයා , වෙළෙන්දා සේම අදාල නිලධාරීන්ද දන්නා බැවින් සදුදා දින සිට වැටලීම් කිරීම ගැටළුවක් නොවන බවද වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය වරයා පවසා සිටියේය.
පාන් වල බර හා මිළ ප්‍රදර්ශණය කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික නිලධාරීන් , මෙන්ම කිරුම් මිනුම් නිලධාරීන් අවශ්‍ය නීතිමය පියවර ගනු ලබන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියහ.
ප්‍රසංග පෙරේරා