දකුණු හා බස්නාහිර පළාත්වල දිනෙන් දෙන ඉහළ යන පාතාල ක්රියාකාරකම් මර්ධනය කිරීම සඳහා අද 18 දින සිට එම පළාත්වලට සන්නද්ධ ප්රහාරක පොලිස් බලඇණි 20ක් ස්ථාපිත කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පියවර ගෙන තිබේ.
මෙම ප්රවාහක බලඇණි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේත් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර මහතාගේත් අධීක්ෂණය යටතේ ක්රියාත්මක කෙරේ.
මේ වසරේ ජනවාරි 1 දින සිට මාර්තු 15වෙනි දින දක්වා කාලය තුළ පාතාල ක්රියාකාරම් වලින් අහිංසක පුද්ගලයන් ඇතුළු 21 දෙනෙක් ඝාතනය කෙරුණි.
මෙලෙස ඝාතන රැල්ලක් ඉහළ යෑමට ප්රධාන හේතු ලෙස පොලිසිය හඳුනාගෙන ඇත්තේ ඒ ඒ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් පාතාල කල්ලි වලට ඇතිබියත් පොලිස් ස්ථානාධිපතිවරුන් පාතාලය සමග ඇති සම්බන්ධතා නිසාත් බවය. පසුගියදා ඝාතනය සිද්ධීන් වාර්තා වූ පොලිස් බල ප්රදේශවල ස්ථානාධිපතිවරුන් 62 දෙදෙනෙකුට පොලිස්පතිවරයා විසින් රතු නිවේදන නිකුත් කර තිබේ..
දකුණු පළාතේ ඝාතන සිද්ධින් ඇතිවූ පොලිසි ස්ථානවල ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුද මේ වන විට ස්ථාන මාරු කර ඇති බව වාර්තාවේ.
කමල් ශ්රී ලියනගේ