අගලවත්ත ප්‍රෙද්ශයේ අඹු සැමි යුවලක් හදිසියේ ඇතිවූ වමනය හා පාචන රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තාවේ. සැමියා නිවසේදීත් බිරිඳ කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි අද 27 මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ අගලවත්ත වදුරබිබ පදිංචිව සිටි වන්නි ආරච්චිගේ උපාලි ඩයස් වයස අවුරුදු 59 වන අය හා ඔහුගේ බිරිදවන චන්ද්‍රිකා අමරසිංහ යන අයවලුන් බව පොලිසිය සඳහන් කරයි.
සුමති කුඩලිගම