මෙරටට පාකිස්ථානයෙන් ආනයනය කරනු ලබන අර්තාපල් ඇතුලේ මත්ද්‍රව්‍ය රඳවා රුගෙන එන බවට තොරතුරැ ලැබී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පැවසීය.පාර්ලිමේන්තුවේදී අද (22දා) අර්තාපල් ආනයනය පිළිබඳ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර අර්තාපල් ආනයනය සඳහා වන බද්ධ ඉහළ දමන ලෙස මන්ත්‍රීවරයා යෝජනාවක් ඉදිරිපත් කළ අතර, ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඊට ප්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස - මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කය තුල වගේම ඌව පළාතෙත් අමිහිරි දුෂ්කරතා ගොඩකට මුහුණ දීලා අර්තාපල් අස්වැන්න මේ මොහොත වන විට නෙලමින් ඉන්නවා. මේ අර්තාපල් අස්වැන්න නෙලන මොහොත වෙනකොට අපි පිටරටින් ගොඩක් අර්තාපල් ආනයනය කරනවා. මම අනාවරණයක් කරනවා. පකිස්තානයෙන් ගේන අර්තාපල් ඇතුලේ කුඩු සහ අයිස් තැන්පත් කරලා ගෙන එන ජාවාරමක් ගැන තොරතුරැ අපිට ලැබිලා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා අපේ රටේ ගුණාත්මක භාවයෙන් අර්තාපල් වගා කරන ගොවියා රකින එක අපේ අංක එකේ කාර්ය භාර්යක්. ඒ නිසා මේ ආනයනික අර්තාපල් වලට නැවත වතාවක් යෝදවා ඇති බද්ද වැඩි කරන්න.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර - මේ කාරණය ගැන අපි දැනටමත් අවධානය යොමු කරලා තියෙනවා. දැනට මේ ගොවීන්ට අසාධාරණයක් වන බව අපි පිළිගන්නවා. මම යෝජනා කරලා තියෙනවා කැබිනට් මණ්ඩලයට මේ බී ලූණු සහ අර්තාපල් වගේ දේවල් වලට ස්තීර බද්ධක් පනවන්න. ඒ ස්තාවර මිලක් පවත්වා ගන්න. අපිට හිඟයක් ඇති වුනොත් විතරක් ඒ බද්ද අඩු කරලා කටයුතු කරන්න පුළුවන්. ඒ බද්ධ පැනවීමේදී ගොවියාගේ නිෂ්පාදන වියදම සැලකිල්ලට ගෙන තමයි මේ කටයුත්ත කරන්න වෙන්නේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා - ප්‍රභාෂ්වර කියලා දඹුල්ලේ මෙට්‍රික් ටොන් 5000ක් තියාගන්න පුළුවන් ලංකාවේ පළවෙනි උෂ්ණත්වය හා තෙතමනය පාලනය කරපු කෘෂි ගබඩාවක් පටන් ගත්තා 2019දී. ගෝඨාභය රාජපක්ෂ ආවටපස්සේ ඒක එතනින් එහාට ගෙන යාමේදී විශාල අඩුපාඩුවක් වෙලා වුණා. අපි දිගින් දිගටම ආණ්ඩුවට බල කරලා ආණ්ඩුව අපිට කිව්වා හෙට අනිද්දා වන විට ඒක විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. මම ඔබතුමන්ලාට ආයාචනා කරනවා මේක තවදුරටත් පරක්කු කරන්න එපා කියලා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර - මේ කටයුත්ත සිදු වෙනවා. යම් යම් ප්‍රශ්න තිබුනත් ඒවා නිරාකරණය කරලා ඉතාමත් කඩිනමින් ඒ කටයුත්ත අවසන් වෙනවා.