අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයකු වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ජේ්‍යෂ්ඨතම විනිසුරුවරයා වන ප්‍රීතී පද්මන් සුරසේන මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලදී.
ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය යටතේ සුරසේන මහතා අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයකු වශයෙන් පත්කර ඇත.
අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව කොමිසමේ සාමාජිකයකු වශයෙන් කටයුතු කළ මුර්දු ප්‍රනාන්දු මහත්මිය එහි සභාපතිවරිය වශයෙන් පත්කරන ලද අතර ඉන් හිස්වු පුරප්පාඩුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජේ්‍යෂ්ඨතම විනිසුරුවරයා වන ප්‍රීතී පද්මන් සුරසේන මහතා පත් කර ඇත.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය කොමිසමේ සභාපතවරිය වශයෙන් කටයුතු කරන අතර එහි සාමාජිකයින් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීතී පද්මන් සුරසේන මහතා සහ ගාමිණී අමරසේකර මහතා කටයුතු කරයි.
සචිත්ර ගුණසේකර