තම ප්‍රමුඛතා ලැයිස්තුවේ පළමු කරුණ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කළ යුතු දෑ බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය. වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්වීමෙන් අනතුරු ආගමික වතාවත් සඳහා ගංඟාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වූ දින පටන් තමන් පොලීසිය තුළ විවිධ තනතුරු හොබවා ඇති බවත් පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග එක්ව ශ්‍රී ලංකා ජනතාවගේ යහපත වෙනුවෙන් කටයතු කරන බවත් ඔහු මෙහිදී පැවැසීය.
තමාගේ දෙවැනි ප්‍රමුඛතාව රටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම බවත් අද වන විට ගම් දනව්වල දක්වා මෙය පැතිර ඇති බවත් එය අවසන් කිරීම වෙනුවෙන් තමන් තුළ වැඩසටහනක් ඇති බවත් ඔහු පැවැසීය.
සංවිධානාත්මක අපරාධවලට එරෙහිව ක්‍රියා කිරීම තම ඊළඟ ප්‍රමුඛතාව බවත් තම සේවය බලාපොරොත්තුවෙන් පැමිණි කිසිවෙකුගේ පක්ෂයක්,ජනතාවක්, කුලයක් නොබැලූ බවටත් ඉදිරියේදී තම ක්‍රියාවෙන් ඒ බව දැන ගැනීමට හැකිවෙනු ඇති බවත් වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවැසීය.