පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රථමයෙන් පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇති බවත් කෙසේවුවත් අවසන් තීරණය ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති අපෙක්ෂකයා පිළිබඳ මත ප්‍රකාශ නොකිරීමට පක්ෂයේ දේශපාලන මණ්ඩල රුස්වීමේදී තීන්දු කළ බවත් ඔහු සඳහන් කළේය.
ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එලෙස ඉදිරිපත් කිරීමට සුදුසු අපේක්ෂයන් කිහිප දෙනෙකු පක්ෂය විසින් තෝරාගෙන ඇති නමුත් %ආර්ථික යුද්ධය දිනීම^ සඳහා යෝග්‍යතම අපේක්ෂයා තම පක්ෂය විසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (20දා) පැවති මාධ්‍ය හමුවේදී කාරියවසම් මහතා මේ බව සඳහන් කළ අතර ඒ අනුව එහිදී ඇතිවූ සංවාද සටහනක් පහතින් වේ.
මාධ්‍ය - ආර්ථිකය ශක්තිමත් කරන්නද මීළග ජනාධිපති අපේක්ෂකයා ගේන්නේ ?
සාගර කාරිවසම් මහතා - අද මේ රටේ තියෙන ප්‍රධාන ප්රශ්නය ආර්ථිකය. මේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි නායකයා තමයි අපි ගේන්නේ.
මාධ්‍ය - ඔබතුමන්ලා පසුගිය කාලය පුරාවටම කිවුවේ බැසිල් රාජපක්ෂ මහතා තමයි ආර්ථිකය ශක්තිමත් කරන්න හොඳම කෙනා කියලා ? මොළ 07ක් තියෙනවා කිවුවා ?
සාගර කාරිවසම් මහතා - ඔව් අපි අදටත් ඒ මතයේ ඉන්නවා.
මාධ්‍ය - ඒ මතයේ ඉන්නවානම් එතුමාද ජනාධිපති අපේක්ෂකයා ?
සාගර කාරිවසම් මහතා - අපිට අපේක්ෂකයින් කිහිප දෙනෙක් ඉන්නවා. දැන් මට අපේක්ෂකයා වෙන්න කිවුවට මම අපේක්ෂකයා වෙන්න කැමති නැත්නම් ?
මාධ්‍ය - ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා අකමැති වෙලා තියෙනවාද ?
සාගර කාරිවසම් මහතා - නෑ අපි ඒක අදාල අවස්ථාවේදී සාකච්ඡා කරලා, පක්ෂයක් ලෙස හොඳම අපේක්ෂකයා තෝරලා, ඔහුගේ එකඟතාව අනුව ඉදිරියට යන්න කටයුතු කරනවා.
මාධ්‍ය - අපිට අර්බුදය පැහැදිලියි. කොහෙත්ම රනිල් වික්‍රමසිංහ මහතා නොවෙයිද ?
සාගර කාරිවසම් මහතා - මම කියන්නේ අපි මේ රට ගොඩ ගන්න සුදුම නායකයා ඉදිරිපත් කරනවා කියලා.
මාධ්‍ය - ජනාධිපතිතුමා එක්ක පොහොට්ටුව මේ ගමන ඉදිරියට යනවාද ?
සාගර කාරිවසම් මහතා - ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් පසු ඉතිරි කාලය සඳහා අපි වික්‍රමසිංහ මහතාට සියලු සහය දුන්නා මේ දක්වා සහ ඉදිරියටත් ලබා දෙනවා. නමුත් අපේ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය විසින් අපි තීරණයක් ගත යුතුයි කවුරුන්ද ඉදිරිපත් කරන්නේ