පළාත් පාලන මැතිවරණය සඳහා භාරදීමෙන් පසු ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාර ගන්නා ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන්ට අභියාචනාධිකරණය අද (04) නියෝග කළේය.
නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලනය පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් විභාග කිරීමෙන් පසුව අභියාචනාධාකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියෝග කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා කියා සිටියේ සාම විනිසුරුවරුන් විසින් සහතික කිරීමේදී ඇතිවූ ගැටලු, දිවුරුම් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප කරමින් තේරීම් භාර නිලධාරීන් නිකුත් කළ නියෝග බලරහිත කරන බවයි.
එලෙස ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙසද අදාළ තේරීම් බාර නිලධාරීන්ට තවත් නියෝගයක් නිකුත් කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.
මේ අතර උප්පැන්න සහතික වල ඡායාපිටපත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා යළි භාර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් තුනක් නිශ්ප්‍රභ කිරීමටද අධිකරණයක් නියෝග කළේය.
සචිත්ර ගුණසේකර