පළාත් සභා ඡන්දය තෙක් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් තීරණය කර තිබේ.
ඊට අමතරව හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ නායකත්වය යටතේ පක්ෂ ප්රතිසංවිධාන කටයුතු කළ යුතු බවටද මෙහිදී අදහස් පළ වී ඇත.
මහ මැතිවරණ ප්‍රතිඵල සමාලෝචනය කිරීමෙන් පසුව ක්‍රියාත්මක කළ යුතු එක්සත් පක්ෂ ප්රතිසංවිධාන කටයුතු හැකි ඉක්මනින් ඇරඹීමට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ඊයේ (12දා) පැවැති සාකච්ඡාවේදී තීරණය කර තිබේ.
පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේකොළඹ 03 පස්වන පටුමගේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උපනායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, දයා ගමගේ, පාලිත රංගේ බණ්ඩාර සහ අර්ජුන රණතුංග යන මහත්වරු සහභාගි වූහ.
කුමන නායකත්වයක් යටතේ වුවත් කඩිනමින් ප්රතිසංවිධාන කටයුතු කළ යුතු හෙයින් ඊට අදාළ මූලික පියවර වහා ක්‍රියාත්මක කිරීම කෙරෙහි සාකච්ඡාවට සහභාගි වූ වැඩි දෙනෙක්ගේ අවධානය යොමු වූ බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව පිරවීම පිළිබඳ මෙහිදී අවසන් තීරණයක් නොගත්තද හෙට (14දා) පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණයකට පැමිණීමටද තීරණය කර ඇත. නායකත්වය පිළිබඳවද අවසන් තීරණය එහිදී ගැනීමට නියමිතය.