දැනට ක්රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්රහස්පතින්දා දක්වා දැඩිව ක්රියාත්මක කිරීමට තීරණය කෙරේ. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අංශඅවලට නියෝග කළේය.
අද (15) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග විඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරිණ.