පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙහි තීන්දුව ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව අද (06) ප්‍රකාශයට පත් කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර, මර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීණි.
සමග ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ පෙත්සම්වල වගඋත්තකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර ඇත.
පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන්නැයි ඉල්ලා දේශපාලන පක්ෂ විසින් ගොනු කර ඇති පෙත්සම් කැඳවූ අවස්ථාවේදී එහි විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළේය.
පෙත්සම්කාර සමගි ජනබලවේගය පක්ෂය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතාද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතාද පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.