සර්වපාක්ෂික අන්තර්වාර පාලනයේ ජනාධිපතිධුරය හා අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාර්ශ්ව කිහිපයකින් නම් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් හා ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කන්ඩායමේ නියෝජිතයන් පිරිසක් ඊයේ (10දා) තලතා අතුකෝරාල මහත්මියගේ නිවසේදී මේ පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී ජනාධිපතිධුරය හා අග්‍රාමාත්‍යධුරය සජිත් ප්‍රේමදාස මහතා හා ඩලස් අලහප්පෙරුම මහතා අතර බෙදී යා යුතු බවට එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්තා වෙයි.
අද (11දා) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවට පෙර සජිත් ප්‍රේමදාස මහතා හා ඩලස් අලහප්පෙරුම යන මහත්වරු හමුවී අදාළ තනතුරු භාර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරිමට නියමිත ඇතැයිද වාර්තා වෙයි.
මේ අතර අනුකර කුමාර දිසානායක, පාඨලි චම්පික රණවක හා සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම්ද ජනාධිපතිධුරය සඳහා යෝජනා වී ඇති බව ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර වාර්තා සඳහන් කරයි.
මෙහිදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රී කණ්ඩායම විසින් ජතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ නම ජනාධිපතිධුරය සඳහා යෝජනා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මේ පිළිබඳව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (10දා) සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා වෙයි.