ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය විම හේතුවෙන් දිවයින පුරා වැසි තත්වයේ වැඩි වීමක් බලාගපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ට වැඩි තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
නැගෙනහිර හා දකුණු පළාත්වල වෙරළ බඩ ප්‍ර දේශවල උදෑසන කාලයේදිත් ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අද පෙවරුවේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.