2023.01.01. සිට 2024.01.01 දක්වා කාලය තුළ මත්පැන් බලපත්‍ර 214ක් ලබා දී ඇති බවත්, එයින් බලපත්‍ර 147ක් ලබා දී ඇත්තේ සංචරක කර්මාන්තය සඳහා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඊයේ(09දා) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය - 2023.01.01 සිට 2024.01.01 දක්වා ලබා දී ඇති මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව අහනවා. 2023.01.01 තිබුණේ 5516යි. 2024.01.01 වෙනකොට 5730ක් වෙල තියෙනවා. ඒ කියන්නේ 2023 වසර තුළ 214ක් අලුතින් ලබා දීලා තියෙනවා. මේ 214න් 147ක්ම සංචාරක කර්මාන්තය සඳහා ලබා දුන් රා.බී.07,08 සහ 11 බලපත්‍ර වෙනවා. මත්පැන් සුලභ වීම, මත්පැන් පරිභෝජනය ඉහළ යෑමට ප්‍රධාන හේතුවක්ද කියලා අහනවා. ගැටලුව වී ඇත්තේ නීත්‍යනුකූල මත්පැන් සුලභ වීම නෙවෙයි, කිහිප ගුණයක වේගයෙන් පැතිර යන නීත්‍යනුකූල නොවන මත්පැන් වර්ධනයයි. නීත්‍යනුකූල මත්පැන් හල් නොමැති කිසිදු ප්‍රදේශයක මත්පැන් භාවිතය අඩු නොවීමෙන් එය මනාව පැහැදිලි වෙනවා. මත්පැන්හල් වැඩියි කියන 2023 වර්ෂය 2022 වඩා මත්පැන් භාවිතය 19෴ක්ම පහත වැටිලා තියෙනවා.
මානව ඉතිහාසයේ ඉතාමත් ඈතට යන මත්පැන් භාවිතය ඇබ්බැහි වීමක් නිසා නීත්‍යනුකූල මත්පැන් අලෙවිසැල් නොමැති වීමෙන් එයට කිසිසේත් සාර්ථක පිළිතුරක් නොලැබෙන අතර, කළ යුත්තේ සමාජය තුළි සැබෑවටම මේ ඇබ්බැහි වීම වළක්වාලීමයි. එසේ නොමැතිව සාම්ප්‍රදායිකව නීත්‍යනුකූල බලපත්‍රවලට විරුද්ධ වීම නීති විරෝධී මත්පැන් සුලභ කිරීමේ අනියම් ව්‍යායාමයක් බව අප කල්පනා කළ යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර - මනෝවිද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක පිළිගැනීම තමයි මත්පැන් සුලභ කිරීම, මත්වතුර ගැනීමට පහසු කිරීම මත්වතුර භාවිතාව ඉහළ යෑමේ හේතුවක් බව. අයි.එම්.එෆ් යෝජනාවකට අනුව බද්ද වැඩි කිරීම නිසා තමයි 2022 සාපේක්ෂව 2023දී මත්පැන් නිෂ්පාදනය අඩු වුණේ. අපේ රටේ වසරකට සිදුවනවා මද්‍යසාර භාවිතය නිසා මරණ 20,000ක්. ගෙවල් ළඟ සුරාසැල් දැමීම නවත්වන්න පියවර ගන්නවාද නැද්ද කියලා අහන්න කැමතියි.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය -රජය කිසි විටෙකත් මත්පැන් උනන්දු කිරීම සඳහා පියවරක් ගන්නේ නෑ. එහෙත් නීති විරෝධී මත්පැන් අවම කරමින් රාජ්‍ය ආදායම අහිමි වීම වැළැක්වීමේ අභියෝගයක් අපිට තියෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම - යෝජනාවක් කරනවා පාර්ලිමේන්තුවට. පැන් කියන්නේ ජලයට ශුද්ධ වූ අර්ථය එකතු වුණාම. ඒ නිසා මත්පැන් කියන යෙදුම මත්ද්‍රව්‍ය ප්‍රචාරණය සඳහා අනියමින් භාවිත කරන්නක් බවට පත්වෙලා තියෙනවා. අඩු ගානේ පාර්ලිමේන්තුවේ භාවිතාවේදීවත් මත්වතුර හරි, සුරාව හරි, මත්ද්‍රව්‍ය කියලා හරි යොදන්න කියලා යෝජනා කරනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය - මෙතුමා කියන දේ ඇත්ත. පැන් නොකියා වතුර කියනවා නම් හොඳයි. ඒත් මෙතන විසඳුම තියෙන්නේ ඒකේ නෙවෙයි. මේකේ තියෙන්නේ ඇබ්බැහිවීමක්. කරන්න තියෙන්නේ මේක කියන අය රහසින්වත් මත්පැන් බොන එක නතර කරන්න ඕනෑ. දෙවැනි එක කිසිදු උත්සවයකට මේවා ගේන්නේ නැතිව ඉන්න ඕනෑ. තෑගි ලෙස ගැනීමෙන් වැළකී ඉන්න ඕනෑ. මේවා පාවිච්චි වන තැන්වලට නොයා ඉන්න ඕනෑ. බොහෝ අය කියනවා අපේ ප්‍රදේශයේ අලුතින් මත්පැන්හල් දාන්න දෙන්නේ නෑ කියලා. ඒත් ඒ අය කියන්න හදාගන්න ඕනෑ ක්‍රමවේදයක් අපේ ප්‍රදේශයේ පඳුරක් ගානේ කසිප්පුත් නෑ කියලා කියන්න.