පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දි අද (18) අලුයම මාර්ගය ට විශාල ගල්පර්වත යක් සමග පස්කදු ගස්කොළන් කඩා වැටීමෙන් පස්සර බිබිල සහ පස්සර මොණරාගල මාර්ගයේ රථ වාහන ධාවනය ඇණ හිට ඇතැයි පස්සර පොලිසිය පවසයි.
මාර්ගය ට මෙසේ පස්කදු ගල්පර්වත ය ගස්කොළන් කඩා වැටීමෙන් 13 කනුව ප්‍රදේශයේ මාර්ගය අසල නවතා තිබූ ත්‍රීරෝද රථ 3ක්ද ඊට යට වීමෙන් විනාශ වි ඇති බවත් පොලිසිය කීය.
මෙම විශාල ගල්පර්වත ය සමඟ පස්කදු ගස්කොළන් අද (18) අලුයම 3.30ට පමණ මෙසේ මාර්ගය ට කඩා වැටී ඇති අතර ඉන් කිසිවෙකු ට හෝ අනතුර ක් සිදුව නොමැති බවත් පොලිසිය සදහන් කළේය.
මෙම විශාල ගල්පර්වත ය ඉවත් කිරිමට අපහසු බවත් , මාර්ග සංවර්ධන අධ්කාරිය ඒ සදහා අවශ්‍ය කටයුතු සිදු කරන බවත් දැනට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය රථ වාහන රියදුරන් ට දැනුම් දෙයි.
ඇල්ල ප්‍රසාද් රුක්මාල්



