දිස්ත්‍රික්ක 25ක පවුල්හි මිලියන මිලියන 2.74ක පමණ ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් පවුලක් සදහා මාසයකට නාඩු සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස දෙකක කාලයක් සඳහා ලබාදීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබී තිබේ.
මෙම වැඩසටහන පසුගිය වසරේ මුල් භාගයේදීද ක්‍රියාත්මක කෙරිණි. සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම් ලාභීන් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.
ඒ අනූව සුළු හා මධ්‍ය පරිමාණ වී මොල් හිමියන් සම්බන්ධ කරගනිමින් දිස්ත්‍රික් ලේකම්වරුන්/ දිසාපතිවරුන් හරහා අඩු ආදායම්ලාභී පවුල් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
හදුනාගත් අඩු ආදායම්ලාභීන්ගේ පෝෂණ මට්ටම පවත්වාගෙන යාමද මෙම ව්‍යාපෘතියේ අරමුණක් වෙයි.