කාන්තන්කුඩි 06 ප්‍ර දේශයේ පිහිටි පල්ලියක ඉගෙනීමේ කටයුතු සඳහා ගිය අවුරුසු 08ක දරුවෙකුකට එම පල්ලියේ මව්ලවිවරයෙක් පොල්ලකින් පහරදී ඇති බවට ලැබුණ පැමිණිල්ලක් අනුව පහරදීම සිදුකළ අවුරුදු 40ක් වන මව්ලවිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පහරදීමෙන් තුවාල ලැබූ බාල වයස්කාර දරුවා කාන්තන්කුඩි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබේ.
පසුගිය 28 දා රාත්‍රී මෙම පහරදීම සිදුව ඇති අතර පහරදීමට හේතුව වී ඇත්තේ දරුවාට පාඩම් කිරිමට පවරන ලද පාඩම් කට පාඩම් නොමැතිවීමයි.