වෛද්‍යවරුන්ට ලබාදෙන ප්‍රවාහන දීමනා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයට අනුව සමස්ත සෞඛ්‍ය සේවාවටම වැටුප් වැඩි කිරීමක් වියයුතු බව සදහන් කරමින් පරිපූරක වෛද්‍ය සේවාවේ අංශ කිහිපයක් අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් රෝහල් රැසකම අංශ කිහිපයක කටයුතු අඩාල පැවතිණ.
රසායනාගාර ශිල්පී , ඖෂධවේදී ඇතුලු අංශ කිහිපයක කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු වාර්තා කොට සේවාවන්ට නොපැමිණ සිටියද හදිසි සේවා සදහා අවශ්‍ය සේවාවන් සැලසීමට පියවර ගන්නා බව කළ විමසුමකට පිළිතුරු දෙමින් පරිපූරක ඒකාබද්ධ බලමණ්ඩලයේ බස්නාහිර පළාත් සභාපතිනී දීපිකා කුමාරි කොළඹගේ මහත්මිය ප්‍රකාශ කළාය.
පරිපූර්ණ වෛද්‍ය කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් ගම්පහ රෝහලෙහි කටයුතුවලට සිදුවන බලපෑම සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය හිමාලි විජේගුණසේකර මහත්මියගෙන් කළ විමසීමේදී සදහන් කර සිටියේ , රෝගී ප්‍රතිකාර කටයුතු පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවත් සායනවලට පැමිණෙන රෝගීන්ට ඖෂධ ලබාදීමට වෙනත් දින ලබාදීමට පියවර ගෙන ඇති බවත්ය.