පරාටේ නීතිය ලබන දෙසැම්බර් 31 වෙනිදා තෙක් අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන් රැක ගැනීමේ අරමුණෙන් පරාටේ බලතල නිශ්චිත කාලයකට අත් හිටුවීම මෙහි අරමුණයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය කොළඹ දී අද (26දා) රැස්වූ අවස්ථාවේ මේ තීන්දුව ගන්නා ලදී.
පරාටේ නීතිය යනු යම් දේපොළක් උකස් කර යම්කිසි අයෙක් බැංකුවකින් ණයක් ලබා ගෙන ඇති විට ණය ලබාගත් පුද්ගලයා එම ණය ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක, අධිකරණය ක්‍රියාවලියකින් තොර ව අදළ ණය මුදල ලබා ගැනීම සඳහා උකස් කර ඇති දේපොළ බැංකුව විසින් ප්‍රසිද්ධ වෙන්දේසියක දී විකුණා දමා එම ණය ආපසු අය කර ගැනීමට බැංකුව සතු බලයයි.
කෙසේ වෙතත් අදාළ වෙන්දේසිය සිදු කිරීමට පෙර ඊට අදාළ දැන්වීම රජයේ ගැසට් පත්‍රයේ භාෂා ත්‍රිත්වයෙන් ම සඳහන් කළ යුතු අතර, එය අවම වශයෙන් පුවත් පත් තුනක වත් පළ කළ යුතු වේ. එසේම අදාළ දැන්වීම ණය ගැතියා වෙත ලියාපදිංචි තැපෑලෙන් ද යැවිය යුතුය.