පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම මේ වසරේ දෙසැම්බර් මාසය තෙක් දීර්ඝ කිරිමට කටයුතු කර තිබේ.
ඒ අනුව 2025 මාර්තු 31 දින හෝ ඊට පෙර සහන පියවර සාකච්ඡා කළ රුපියල් මිලියන 25ට අඩු ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 දෙසැම්බර් 31 වන දා දක්වා මෙම සහනය හිමිවනු ඇත.
මේ අතර, රුපියල් මිලියන 25ත් 50ත් අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමක් ලබා දුන් අතර, රුපියල් මිලියන 50 ඉක්මවන අයට ආධාර ලබා ගැනීම සඳහා 2025 ජුනි 30 දක්වා අවසාන දින දීර්ඝ කිරීමක් ලැබුණි.