පොළොන්නරු දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම
27 වෙනිදා සවස වන විට සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
මේ හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයෙන් දොරටු අටක් අඩි හතර බැගින්ද, දොරටු දෙකක් අඩි තුන බැගින් ද විවෘත කර තිබෙන අතර ඉන් තත්පරයට ඝන අඩි 3,786 ක ජලධාරීතාවයක් මහවැලි ගඟට මුදාහැරීමට කටයුතු කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් වාරි ඉංජිනේරු අංජන අබේසිංහ මහතා සඳහන් කළේය.
මනම්පිටිය නිමල් ජයරත්න



