අපවත්වී වදාළ බෝධි සත්ව ගුණෝපේත වතුරවිල ඥාණානන්ද මහා නායක හිමියන්ගේ 37 වැනි ගුණසැමරුම නිමිත්තෙන් වතුරවිල වන සෙනසුනේ පැවැති දානමය පිංකමට කුරුදුගහහැතැප්ම දිවය හෘදය දේවස්ථානයේ ප්රධාන පියතුමා වන ෂෙල්ටන් පනාන්දු පියතුමාද පැමිණ සිටියේය.
පියතුමා වෙත මහකන්දේ රතනපාල නා හිමියන් පිරිකරක් පිළිගැන්වීමටද කටයුතු කෙරිණි. දානමය පිංකමට වැඩි ශතාධික භික්ෂූන්වහන්සේලා මෙන්ම ෂෙල්ටන් පනාන්දු පියතුමාටද මෙය නුහුරු ,නුපුරුදු අත් දැකීමක් වූහ.
මහා සාංඝික දානයට වතුරවිල වන සෙනසුනෙන් කිසිදු ආරාධනයක් නොලැබ තිබූ මොහොතක මේ දානය පිළිබදව දැන ගෙන ෂෙල්ටන් පනාන්දු පියතුමා පැමිණීම එම පියතුමාගේ නිහතමානී කම කැපී පෙනුන අවස්ථාවක් විය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_b2387a6c83.jpg)