ජනාධිපති අපේක්ෂකයකුට සහාය පළ කිරීම සඳහා පන්විල ප්රදේශයේ හෝටලයක පැවැත්වෙමින් තිබූ ජන හමුවකට පැමිණි පිරිසකට ලබාදීම සඳහා සූදානම් කොට තිබූ ආහාර මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක්විසින් ඔවුන්ගේ භාරයට ගෙන පන්විල පොලිසියට භාරදී තිබේ .
පන්විල ප්රදේශයේ ජන හමුවකට පැමිණි පිරිසකට දිවා ආහාරය සූදානම් කොට ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන්එ හි ගොස් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම ජන හමුව ස්වාධීන අපේක්ෂක රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා පැවැත්වෙන්නක් බවත්ඒ වන විටද එම ජන හමුව සඳහා 150ක පමණ පිරිසක් රැස්ව සිටි බවයි .
ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීම්වලට පැමිණෙන පිරිස් වලට ආහාර හා මත්පැන් ලබාදීම සපුරා තහනම් වන බැවින්එවැනි දේ සම්බන්ධ තොරතුරු වාර්තා වුවහොත්මැතිවරණ කාර්යාල දැනුවත් කරන ලෙස මහනුවර මැතිවරණ කාර්යාලය ජනතාවගෙන්ඉල්ලීමක් සිදු කරයි .