තම පඩිය හා දීමනා දෙගුණයකින් වැඩි කරගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා අසත්‍ය බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති එස්. රාජකරුණා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම තෙල් සංස්ථාවේ අධ්යක්ෂවරු මහජන මුදලින් කජු ආහාරට ගත් බවටත් එම පුවත්වල වාර්තා කළ බවත් එයද අසත්‍යබව සභාපතිවරයා නිවේදනය කරයි.
මේ හරහා තමාට මෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේද කීර්ති නාමයට බරපතල හානියක් සිදුව ඇති බවත් ඔහු පැවැසීය.
මේ අනුව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.