අන්තර්වාර රජයක් පිහිටුවීම ඇතුළු වත්මන් අර්බුදය සඳහා විසඳුමක් වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රිවරුන් අතර පැවැත්වීමට නියමිත දෙවැනි වටයේ සාකච්ඡා සඳහා එක්නොවිමට පක්ෂ 11 මන්ත්‍රිවරුන් තිරණය කර තිබේ.
මෙහි පළමු වටයේ සාකච්ඡාද විසඳුමකින් තොරව අවසන් වූ අතර එහි දෙවැනි වටයේ සාකච්ඡා අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් ඒ සඳහා එක්නොවීමට ඔවුන් තිරණය කර තිබේ.
ආණ්ඩුවෙන් ස්වාධින වූ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ආණ්ඩුවට ගෙන ඔහුට අමාත්‍යධුරයක් ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් ඔවුන් මෙසේ සාකච්ඡා වර්ජනය කිරිමට තිරණය කර තිබේ.