ෙබෙලිඅත්ත අධිවේගී පිටවුම අසලදී (22) පුද්ගලයන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධිය මෙරට සිට මෙහෙයවූ පුද්ගලයා සහ ඒ සඳහා යොදා ගත් වාහනය පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර නිලධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් කළ විමර්ශනයේ දී මෙරට සිට මෙම අපරාධය මෙහෙයවා ඇතැයි කියන සමන් කුමාර නැමැති 54 හැවිරිදි පුද්ගලයෙක් සහ අපරාධය සදහා පැමිණි අංක 65-2615 දරණ මිටිසුබිෂී පෙජරෝ ජීප් රථය ගාල්ල හැව්ලොක් පෙදෙසේ රථගාලක තිබියදී සොයා ගත් බව පොලීසිය කියයි.
මෙම සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට අපරාධය සැලැසුම් කර ඇති බවට වැඩිදුර විමර්ශනවල දී හෙලි වී ඇති බව ඇති බව ද පොලීසිය පවසයි.සිද්ධිය සම්බන්ධ පොලිස් විශේෂ කණ්ඩායම් තවදුරටත් විමර්ශන දියත් කරන බව පොලීසිය පවසයි.
බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ/රවීන්ද්‍ර ලියනගේ



