ශ්‍රී ලංකාව හා ඉන්දියාව වෙනුවෙන් වූ නෝර්වේ තානාපතිනී එලින් ස්ටෙනර් මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (02දා) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
මෙම හමුව සඳහා නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් John Bjerkem මහතාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටියහ.
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය දීර්ඝ වශයෙන් දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් විය. ජාතික ගැටලුවේ වත්මන් වර්ධනයන් පිළිබ ඳවද මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳවද අවධානය යොමු විය. නොර්වේ රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට කරමින් සිටින ආධාර පිළිබඳවද දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙවර ශ්‍රී ලංකාවට පැමිණි පැමිණි පසු කරනු ලබන පළමු හමුව බවද තානාපතිවරිය විසින් පෙන්වා දෙන ලදී.