2024 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලාංකිකයන් 22685 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගත වී ඇත. 2024 වර්ෂයේ නොවැම්බර් මාසය අවසන් වනවිට ගෙවුණු මාස 11 තුළ පුද්ගලයන් 291‚267 රැකියා සඳහා විදේශගත වී තිබෙන අතර එය 2023 වර්ෂයට සාපේක්ෂව 6.9% ක ඉහළයෑමකි. ඒ අනුව 2023 වර්ෂයේ ජනවාරි සිට නොවැම්බර් දක්වා පුද්ගලයන් 274‚265 දෙනෙකු රැකියා සඳහා පිටත් වී ඇත.
මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා විදේශගත ශ්‍රමිකයන් අතරින් 178‚914 දෙනෙකු ස්වයං මාර්ග ක්‍රමය යටතේ ලියාපදිංචි වී විදේශගත වී ඇති අතර, 112‚853 දෙනෙකු විදේශ රැකියා නියෝජිත ආයතන මගින් ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.වෘත්තීය කුසලතා රැකියා සඳහා 210‚108 දෙනෙකු හා අඩු නිපුණතා සහිත රැකියා සඳහා 81 159 දෙනෙකු පිටත්ව ගොස් තිබේ. 2024 විදේශගත පිරිස අතරින් පිරිමි ශ්‍රමිකයන් ගණන172‚746 කි. කාන්තා ශ්‍රමිකයන් ගණන118‚521කි.
මේ අතර, මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශගත වී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර එම ප්‍රමාණය 71 210 කි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 48 083ක්, සෞදි රාජ්‍යයට 45 008ක් හා කටාර් රාජ්‍යයට 43104 රැකියා සඳහා විදේශ ගත වී තිබේ.ඊශ්‍රායෙල් රාජ්‍ය සඳහා 9146 ක්, ජපානය සඳහා 7983ක් හා දකුණු කොරියාව සඳහා 6925ක් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
රැකිය සඳහා විදේශගත ශ්‍රමිකයන්ට ලබා දෙන පහසුකම් වඩාත් කාර්යක්ෂම හා සාධනීය අයුරින් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.ජපානය, දකුණු කොරියාව, ඊශ්‍රායල් වැනි රටවල් වැඩි රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කටයුතු කරන බව ද ඔහු සඳහන් කරයි.වංචනිකයන්ට හසු නොවී නිවැරදි මාර්ගය තෝරාගන්නා ලෙස රැකියා අපේක්ෂිතයන්ගෙන් සභාපතිවරයා ඉල්ලා සිටී.විදේශ රැකියාවල නිරතවන ශ්‍රමිකයන්ගේ දූ දරුවන් වෙනුවෙන් රට විරු දූ දරු ඒකකය නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමට බලාපොරොත්තු වන බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.