නොවැම්බර් මාසයේ 24 දා වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් 145 669ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත වලින් දැක්වෙයි. 2023 නොවැම්බර් මාසය පුරාවට ශ්‍රී ලංකාවට සංචාරකයන් 151 496ක් පැමිණ තිබුණි. ඒ අනුව 2024 නොවැම්බර් මාසයේදී එම අගය අභිභවා යාමට අවස්ථාව පවතී.
ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වර්ෂය වන 2018 වසරේ නොවැම්බර් මාසයේදී පැමිණ තිබුණ සංචාරකයන් සංඛ්‍යාව 195 582කි. මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 1 766 384ක් පැමිණ තිබේ. වසරේ ඉලක්ක ගත සංචාරකයන් ප්‍රමාණය මිලියන දෙකකි. ඒ අනුව මේ වසරේ ඉතිරි කාලසීමාව තුළ තවත් සංචාරකයන්223 616ක් පැමිණිය යුතු වෙයි.