මේ වසරේ නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය -1.7%ක අගයක් ගන්නා බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මාසිකව මෙම උද්ධමනය ගණනය කෙරේ. ඔක්තෝබර් මාසයේදී මෙම උද්ධමනය -0.7%ක් ලෙස සටහන් විය.
විශේෂයෙන්ම ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 1.3% සිට නොවැම්බර් මාසයේදී 0.0%ක් දක්වා අඩු වී තිබේ. එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේදී -2.3% සිට නොවැම්බර් මාසයේදී -3.1%ක් දක්වා අඩු වී ඇත.