නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්‍රයෙ විදුලිය නිෂ්පාදනය අද අලුයම වන විට ආරම්භ කල බව විදුලි බල මණ්ඩලයෙ ඉහල නිළධාරීයකු පැවසිය.
පසුගිය 9 දින ජාතික පද්ධතියෙ සිදුවු බිද වැටිමක් සමග නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර වල විදුලිය නිෂ්පාදනය නැවති ජනන යන්ත්‍ර තුනම නැවති යාමත් සමග රටපුරා විදුලිය කැපිමකට යාමට සිදුව තිබුණි.
කෙසේ වෙතත් විදුලි බල මණ්ඩල ඉහල නිළධාරීන්ගේ මැදිහත් විමේන් ලක්විජය බලාගාරයෙ ඉංජීනේරුවන් මහත් වෙහෙසක් ගනිමින් තම රාජකාරි නිසි ලෙස ඉටුකරමින් පසුගිය දින කිපය තුළ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරිමට කටයුතු කර තිබුණි.
එහිදි අදියර තුන යටතේ ආරම්භ කළ ජනන යන්ත්‍රය 13 දින සවස සිට යළි ක්‍රියාත්මක කර එහි විදුලිය නිෂ්පාදනය 14 දින අලුයම 2 ට පමණ ජාතික පද්ධතියට ලබා දීමට හැකිවු බව ඉහල නිළධාරීයා පවසයි.
ඒ අනුව මෙම තුන්වන ජනන යන්ත්‍රය මගින් මෙගාවෝට් 300 කට ආසන්න විදුලිය නිෂ්පාදනය උපරිම මට්ටමින් සිදුවන බව කියයි.
කෙසේ නමුත් මේ වන විටත් නැවති ඇති ලක්විජය බලාගාරයෙ අංක එක හා දෙක යන්ත්‍ර යළි ක්‍රියාත්ම කිරිම සදහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් එය තව දින කිපයක් යනු ඇති බවත් කියයි.
මේ අනුව අද සිට විදුලිය කැපිමක් සිදු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ජනතාවට ගැටළුවකින් තොරව විදුලි ලැබේනු ඇති බවත් එම උසස් නිළධාරියා වැඩි දුරටත් පවසන්නට විය.




