හතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කරමින් සිටි හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප් ගිණුම් ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ .
මෙම හෙද නිලධාරිනිය තෙල්දෙණිය රෝහලේ සිට අනුයුක්තියක් යටතේ හතරලියද්ද ග්‍රාමීය රෝහලට මාරුකර යවා ඇති අතර ඇය එහි සේවය කරමින් සිටින අතරතුර රැකියාවක් සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
ඇය එසේ ඉකුත් මාර්තු මාසයේදී සේවය අතහැර විදේශගත වී ඇති අතර ඇය එසේ විදේශගත වන බවට රෝහල් පරිපාලනයට හෝ පළාත්සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය ට කිසිදු දැනුම් දීමක් සිදු කොට නොමැති බවද වාර්තා වේ .
ඇය විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් එම හෙද නිලධාරිනියට ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් වැටුප් වශයෙන් ගිණුම් ගත වීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතාගේ මූලිකත්වයෙන් විමර්ශන ආරම්භ වී තිබෙන අතර මේ වන විටත් ඒ සම්බන්ධයෙන් හතරලියද්ද රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගෙන් සහ මධ්‍යම පළාත් සභාවට අයත් රෝහල් වල වැටුප් ගෙවීම් කටයුතු වලට අදාල ලේඛන භාරව සිටින නිලධාරීන් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබේ .
එම හෙදිය සේවයට වාර්තා නොකළ කාලය තුළ සිදුකළ වැටුප් ගෙවීම් ඊට වගකිව යුතු නිලධාරීන්ගෙන් අයකර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද වාර්තා වේ.