මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නේවි රුවන් නොහොත් ලෝකල් රුවන් නැමැත්තා අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
ජුලම්පිටිය ගල්වාඩිය තණකොළ දෙණිය පාරේ නිවසක සැඟව සිටියදී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 6000 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මිද්දෙණිය පොලිස් වසමට ගොස් විමර්ශන රාජකාරියගේ යෙදී සිටියදී පොලිස් පරීක්ෂක ගයන්ත නිලධාරියා වෙත ලද රහසිගත තොරතුරකට වැටලීම සිදු කර ඇත.
සැකකරු එම ප්‍රදේශයේ නිවසක සැඟව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බවත් ඔහු සතුව පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ඇති බවට හා ඔහු සැඟවී සිටින නිවසට විවිධ අවස්ථාවලදී අපරාධකරුවන් පැමිණ සැඟවී සිටින බවට ලද තොරතුරු අනුව එම නිවස වටලා පරික්ෂා කර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ටි 56 ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම ඔහුට විරුද්ධව අවිස්සාවේල්ල මහාධිකරණයේ නඩුවක්ද හම්බන්තොට ඇඹිලිපිටිය හා මාතර මහාධිකරණවල මනුෂ්‍ය ඝාතන පහක් සිදු කිරීම සම්බන්ධයෙන් නඩු කිහිපයක ඇප මත සිටින පුද්ගලයකු බවට වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි.
සැකකරුට අයිස් මත්ද්‍රව්‍ය ලද ආකාරය සම්බන්ධයෙන් හා ඔහු මේ වන විට සිදුකර සිදුකර ඇති හෙළි නොවූ අපරාධ සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.
45 හැවිරිදි සැකකරු ඇඹිලිපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
-