නේපාල ජාතික කාන්තාවක රැදීසිටී හෝටල් කාමරයට ඇතුල්වී උල් ආයුධයක් පෙන්වා බියගන්වා රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා ජංගම දුරකථන දෙකක්, රුපියල් ලක්ෂ දෙකක මුදලක් සහ රන් භාණ්ඩ කොල්ල කා පලාගිය පුද්ගලයකු සොයා කළුතර උතුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ටාමාන්ග් නිමා නමැති 23 හැවිරිදි කාන්තාවක විසින් කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පැමිණිලිකාර කාන්තාව තවත් පිරිසක් සමග දිවයිනට පැමිණ වස්කඩුව ප්රදේශයේ සංචාරක හෝටලයක කාමරයක නවාතැන් ගෙන සිටියදී කොල්ලකෑම සිදුව ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.
ඇය හෝටල් කාමරයේ දොර අඩවල් කර ජංගම දුරකථනය ක්රියාකරමින් සිටියදී සැකකරු ඇතුලුවී ඇති බවද සදහන් වේ.
GPS තාක්ෂණය ඔස්සේ සොයා බැලීමේදී අසල ඉඩමක පොල් ගසක් යට තිබූ ජංගම දුරකථන දෙක සොයාගෙන ඇති බවද පොලිසිය පැවසීය.
සැකකරු සොයා කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය