නුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකට හා අඹේවෙල පට්ටිපොළ යන ප්රදේශවල (03) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි.
සැම වසරකම නත්තල් සමයේ සිට වරින් වර නුවරඑළියට මල්තුහින පතිත වන අතර මෙවර නව වසරේ ආරම්භයේදීද නුවරඑළිය තුරග තරග පිටිය , ගොල්ෆ් ක්රිඩාංගණය සහ නුවරඑළිය අවට තේ වතු වල සහ මීපිළිමාන පට්ටිපොල යන ග්රාමීය ප්රදේශවල එලවළු වගා ගොවිපල්වලටද මල්තුහින පතිත වි තිබුණි.
නුවරඑළියේ මහ නගර සභා සිමාව තුළ (03) දින අලුයම් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශය 05 දක්වා පහළ වැටි තිබීමක් දක්නට ලැබිණ .
මල්තුහින පතිත විමත් සමග නුවරඑලිය ප්රදේශයේ (03) දින අලුයම දැඩි සිතල කාලගුණයක් පැවති අතර, නුවරඑළිය හැටන්, නුවරඑළිය මහනුවර හා නුවරඑළිය බදුල්ල යන ප්රධාන මාර්ගයන්වක අළුයම් කාලයේ දැඩි පිනිබර කාලගුණ තත්ත්වයක් පැවතින.
මල්තුහින පතිත විමෙන් එළවළු වගාවට මෙන්ම තේ වගාවට සහ මල් වගාවට දැඩි බලපැමක් එල්ල කරන බවත් මල්තුහින දිය වී යාමට එළවළු වගාවට වතුර දැමිය යුතු අතර ඉන්ධන අර්බුදයත් සමග ගොවීන් මල්තුහින සෝදා හැරිම සදහා වතුර ඉසින මොටර් භාවිතා කිරිමේදි දැඩි අපහසුතාවයට පත්වන බව නුවරඑළිය ප්රදේශවාසින් ගොවි මහතුන් පවසයි.
VIDEO